ක්‍රිස් ගේල් වසර දෙකකට පසු සංචිතයට කැඳවයි

(කොළඹ, ලංකාපුවත්) – ක්‍රිස් ගේල් සහ මාලන් සැමුවෙල්ස් කොදෙව් එක්දින සංචිතයට කැඳවා තිබේ.

ඒ, එංගලන්තය සමග පැවැත්වෙන තරග 05කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාය.

ක්‍රිස් ගේල් එක්දින ක්‍රිකට් සංචිතයට කැඳවා ඇත්තේ වසර 02කට පසු වීම විශේෂත්වයකි.

මාලන් සැමුවෙල්ස් අවසන් වරට එක්දින තරගයක දී කොදෙව් කණ්ඩායම නියෝජනය කළේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදීය.

එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය ලබන සැප්තැම්බර් මස 19 වනදා මැන්චෙස්ටර්හි දී පැවැත්වීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *