දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීමට ජනපතිගෙන් මිලියන 45ක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ රන් වියනේ රන් ආලේප කිරීම සඳහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා විසින් රුපියල් මිලියන 45 ක මුදලක් ලබාදී ඇත.

මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි ජනාධිපතිතුමා විසින් මෙම මුදල ලබාදී තිබෙන අතර අදාළ චෙක්පත අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා විසින් මහනුවර දිස්ති‍්‍රක් ලේකම් එච්.එම්.පී. හිටිසේකර මහතා වෙත භාරදෙනු ලැබීය.

හිටපු ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මහතා විසින් ශී‍්‍ර දළදා මාලිගාවට රන් වියන පූජා කළ අතර දළදා සමිඳුන් වැඩසිටින කුටියට ඉහළින් එය ස්ථාපිත කර තිබේ.

එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් 1998 වසරේදී දළදා මාලිගාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කළ අවස්ථාවේ රන් වියනට ද හානි සිදු වූ අතර 2001 වසරේදී එය ප‍්‍රතිසංස්කරණය කරනු ලැබීය.

ඉන් වසර 16 කට පසු යළිත් රන් වියන ප‍්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර ඒ සඳහා මෙම මුදල වැය කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *