ප්‍රමුඛතා මංතීරු නීතියේ දෙවන අදියර අද සිට

(කොළඹ, ලංකාපුවත්) – බස් රථ ප්‍රමුඛතා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීමේ දෙවන අදියර අද(22) ආරම්භ විය.

ඒ අනුව ගාලු පාරේ කටුබැද්ද හංදියේ සිට රත්මලාන මැලිබන් හංදිය දක්වා බම්බලපිටියේ සිට කොල්ලුපිටිය හංදිය දක්වාත් බස් රථ ප්‍රමුඛතා මංතීරු නීතිය අද සිට ක්‍රියාත්මක කරනු ලැබේ.

මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ ලබන සතියේ දී පාර්ලිමේන්තු පාරේ ප්‍රමුඛතා මංතීරු තවත් කොටසකින් දීර්ඝ කරන බවයි.

පසුගිය 15 වැනිදා එම වැඩපිළිවෙල ආරම්භ වු අතර මේ වන විට එය සාර්ථකව ක්‍රියාත්මක වන බව අමාත්‍යාංශය සඳහන් කළේය.

උදෑසන 6.00 සිට උදෑසන 9.00 දක්වා සතියේ දිනවල මෙම මාර්ගයන්හි කොළඹ දෙසට වෙන් කරනු ලැබූ මංතීරු තුළ බස්රථ පමණක් ධාවනය කළ යුතු අතර එම වේලාවන්හිදී එම මංතීරුව තුළ අනෙකුත් වාහන ධාවනය කිරීම අත්හිටුවා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *