රුසියාවේ ගින්නක් හේතුවෙන් හදිසි තත්වයක්

(කොළඹ, ලංකාපුවත්) – රුසියාවේ රෝස්ටොෆ් – ඔන් – ඩොන් නගරයේ හටගත් ගින්නකින් ප්‍රදේශයේ ජන ජීවිතයට බලපෑම් එල්ල වී ඇත.

ඒ අනුව ප්‍රදේශය පුරා හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ රාත්‍රියේ මෙම ගින්න හටගෙන ඇත්තේ, දැවයෙන් තැනූ නිවෙසක් තුළය. අනතුරුව එය ක්‍රමයෙන් අසල්වැසි නිවෙස් කරා ද ව්‍යාප්ත වී තිබේ.

ගින්නෙන් බොහෝ දෙදෙනු තුවාල ලබා ඇත.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන භටයින් දෙදහසක් පමණ සහභාගී වී තිබේ. නිවාස 80ක් පමණ ගින්නෙන් විනාශ වූ බව විදෙස් වාර්තාවල දැක්වේ.

පුද්ගලයින් 600 දෙනෙකු පමණ ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි සදහන් ය. ගින්න හටගැනීමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *