සූර්ය ග්‍රහණය නැරඹූ ජනපති ට්‍රම්ප්

(කොළඹ, ලංකාපුවත්) – 1981 වසරෙන් පසු අමෙරිකාවේ වැසියන්ට පූර්ණ සූර්ය ග්‍රහණයක් නැරඹීමට අවස්ථාව ඊයේ(21) උදා විය.

අවුරුදු තිස් හයකට පසු දිස් වන මෙම සූර්ය ග්‍රහණය නැරඹීමට අමෙරිකානු වැසියන් බෝහෝ දෙනෙක් තම කාර්ය බහුල සාඳුදා දිනයෙන් වේලාව වෙන් කර ගෙන තිබුණි.

එමෙන්ම ඇතැම් පුද්ගලයින් මෙම පූර්ණ සූර්ය ග්‍රහණය නැරඹීමට වෙනම සාදයන් පවා සංවිධානය කර තිබුණු බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මෙම පූර්ණ සූර්යග්‍රහණය නිරීක්ෂණය කළ බව වාර්තාවේ. බටහිර යුරෝපා රටවල්, ඊසානදිග ආසියාව, දකුණු අමෙරිකාව සහ අප්‍රිකාවේ වයඹ දිග ප්‍රදේශවලට මෙය අර්ධ සූර්යග්‍රහණයක් ලෙස දර්ශනය වූ බව සදහන්ය.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද මෙය නැරඹීමට කාලය වෙන කර තිබීම විශේෂත්වයකි.

සූර්යග්‍රහණය පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති බව සදහන් වේ. එසේම මීළග පූර්ණ සූර්යග්‍රහණය සිදුවීමට නියමිතව ඇත්තේ 2019 වසරේ ජූලි දෙවනදාය. එය ද දකුණු අමෙරිකාවට පමණක් දර්ශනයවීම විශේෂත්වයකි.

මේ අතර අමෙරිකාවට දිස්වූ පූර්ණ සූර්ය ග්‍රහණය අමෙරිකාවේ 45 වැනි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අසුබ ඵල අත්කර දෙනු ඇතැයි එරට ජෝතීර්වේදීහු අනාවැකි පළකර ඇති බව වාර්තා විය.

ට්‍රම්ප්ගේ කේන්දරය අනුව ඔවුන් මෙසේ පවසා ඇති බවත් අමෙරිකානු ජනාධිපති ලෙස ට්‍රම්ප්ට කටයුතු කරගෙන යෑම අසීරු වනු ඇති බවත් ජෝතීර්වේදීහු අනාවැකි පවසා ඇති බව සදහන්ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 − three =