මවුබිමට කීර්තියක් ගෙනදුන් දිනේෂ් පි‍්‍රයන්තට ජනපති සුබ පතයි

(කොළඹ, ලංකාපුවත්) – 2016 බ‍්‍රසීලයේ පැවති රියෝ පැරා ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසී කිරීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගනිමින් හා 2017 ලන්ඩන් නුවර පැවති ලෝක ශූරතා පැරා ඔලිම්පික් උළෙලේදී රිදී පදක්කමක් දිනාගනිමින් මවුබිමට කීර්තියක් අත්කරදුන් දිනේෂ් පි‍්‍රයන්ත මහතා අද (22) පෙරවරුවේ ජනධිපති කාර්යාලයේදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා හමු විය.

සිය කුසලාන මෙහිදී ඒ මහතා විසින් ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ අතර ඔහුගේ දක්ෂතා අගය කළ ජනාධිපතිතුමා මාතෘ භූමියට අත්කරදුන් කීර්තිය පිළිබඳව ස්තූතිය පළ කළේය.

දිනේෂ් පි‍්‍රයන්ත මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිතුමා සිය උණුසුම් සුභාශිංසනය ද පිළිගැන්වීය.

කී‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර, පැරා ඔලිම්පික් කමිටුවේ සභාපති යූ.ආර්. රුද්‍රගෝ, පුහුණුකරු ප‍්‍රදිප් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *