ක්‍රිකට් කණ්ඩායම නව මගකට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නව මගකට යොමු කිරිමෙ අරමුණින් කමිටුවක් පත් කල බව ක්‍රිඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සදහන් කරයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහි අමාත්‍යවරයා කියා සිටියේ කමිටු සභාපතීත්වයට මිල්ටන් අමරසිංහ මහතා පත්කර ඇති බවය.

මෙමගින් ක්‍රිකට් කේෂ්ත්‍රයේ දැනට උද්ගතව ඇති අර්බුදයට විසඳුමක් සොයා ගැනිම හැකි වෙතැයි ඔහු විශ්වාසය පල කළේය.

ක්‍රිකට් පරිපාලකයින් , හිටපු ක්‍රිකට් නායකයින්, ප්‍රවීන ක්‍රිඩකයින් , විද්වතුන් සහ මාධ්‍යවේදීන් ඇතුලු සැමගේ සහභාගිත්වයෙන් එක්දින වැඩමුළුවක් පැවත්විමට ද තිරණය කර තිබේ.

එය ඉදිරි දෙසතිය තුළ පැවැත්විමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + 3 =