ජය ලබන තෙක්ම අමෙරිකා සෙබලුන් ඇෆ්ගනිස්ථානයේ

(කොළඹ, ලංකාපුවත්) – ජයග්‍රහණය ලබන තෙක් ඇෆ්ගනිස්ථානයේ අමෙරිකා හමුදා මෙහෙයුම් නතර නොකරන බවට අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇත.

ඇෆ්ගනිස්ථානය පිළිබඳ අමෙරිකා රජයේ ප්‍රතිපත්තිය යාවත්කාලීන කරමින් ජනාධිපති ට්‍රම්ප් කියාසිටින්නේ එරටින් හමුදා ඉවත් කර ගැනීමෙන් ආරක්‍ෂාව පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් ඇතිවන බවය.

ඉරාකයේ රඳවා සිටි අමෙරිකා හමුදා ඉවත් කර ගැනීමෙන් එහි තත්ත්වය අවදානමකට ලක් වූ බව ඔහු සිහිපත් කර සිටියි.

පාකිස්තානය ත්‍රස්තවාදීන්ට ක්ෂේම භූමියක් නොවිය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *