දරු ප්‍රසුතියේදී සමීපතමයෙකු ළග සිටීම යහපත් ලු

(කොළඹ, ලංකාපුවත්) – දරුවෙකු බිහිකරන අවස්ථාවේදි මව සමග සමිපතම අයෙකු ළඟ සිටිම තුළින් ප්‍රසුතියේදි යහපත් ප්‍රතිඵල උදාවන බව ශ්‍රී ලංකා පරාජන්ම සංගමය සදහන් කරයි.

ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍ය යු.ඩී.පී. රත්නසිරි මහතා පැවසුවේ අධ්‍යනයකින් මේ බව අනාවරණය වී ඇති බවයි.

“කායිකව සහ මානසිකව මවක් සුදානම් කරන්නත් ඕනි. පුර්ව ප්‍රසව සමයේදී හුඟක් වෙලාවට අම්මලා සිසේරියන් සැත්කම ඉල්ලනවා මොකද කැක්කුම විදින්න බෑ, බයයි.

මොකක්ද වෙන්නේ කියලා. අම්මලාව ශක්තිමත් කරන්න ඕනි. මානසිකව තමන්ට දරුවෙකු ලැබෙන්න ඉන්න කොට තමන් ගාව කවුරු හරි ඉන්නවා නම් කතා කරන්න, දුක කියන්න, ඔලුව අත ගාන්න,මේ හැම එකේදීම ප්‍රසවයේ දීර්ඝතාවය අඩු වෙනවා. ප්‍රසවයේදී වේදනාව අඩු වෙනවා. ඒ අම්මගේ ප්‍රසව ඉක්මනින් හොදින් කර ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා තියෙනවා. ඊටත් අමතරව මව් කිරි දීම ඉක්මනින් කර ගන්න පුළුවන් කියලත් විස්තරාත්මකව කරන අධ්‍යයන වලින් වාර්තා වෙනවා. ගොඩක් අයට සතුටුයි ප්‍රසවයේදී කවුරු හරි ළඟ ඉන්නවා නම්” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය යු.ඩී.පී. රත්නසිරි මහතා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen − thirteen =