ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වැඩි ආරක්ෂාවක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගයට වැඩි ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මෙම තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ දී හෙට (24) පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල නීතියට අනුව ක්‍රිකට් කණ්ඩායමකට ප්‍රේක්ෂකයින්ගෙන් බාධා කිරීම් සිදු නොවන ලෙස ආරක්ෂාව සැපයිය යුතු වේ. මේ අනුව දෙවන එක්දින තරගයට වැඩි ආරක්ෂාවක් කණ්ඩායම් දෙකටම ලබා දීමට තීරණය වී ඇත.

මෙමගින් ප්‍රේක්ෂකයින් අතර ඇතිවිය හැකි ගැටුම් ද වැළැක්විය හැකිවනු ඇත.

දෙරටේම එක්දින සංචිතවලට ඇතුලත් ක්‍රීඩකයින් පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ඊයේ(22) සිය පුහුණුවීම්වල නිරත විය.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයේ දී පහසු ජයක් සංචාරක ඉන්දීය කණ්ඩායම ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *