හිටපු මහබැංකු අධිපති කබ්රාල්ගෙන් ප්‍රශ්න කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අල්ලස් කොමිසම හමුවට කැඳවා තිබේ.

අල්ලස් කොමිසම ඒ මහතාගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වේ.

පසුගිය රජය සමයේ සිදුව ඇති බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා ඒ මහතා මෙලෙස කැඳවා ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *