උතුරු පළාතේ නව අමාත්‍යවරු දිවුරුම් දෙයි

(කොළඹ, ලංකාපුවත්) – උතුරු පළාතේ මුදල් හා ක‍්‍රමසම්පාදන, නීතිය හා සාමය, ඉඩම්, විදුලිබල, නිවාස හා ඉදිකිරීම්, සංචාරක, පළාත් පාලන, පළාත් පරිපාලන, ග‍්‍රාම සංවර්ධන, මාර්ග සංවර්ධන, මෝටර් රථ ප‍්‍රවාහන හා ප‍්‍රවාහන අමාත්‍යවරයා වශයෙන් විශ්වලිංගම් විග්නේශ්වරන් මහතා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඉදිරියේදී අද(23) දිව්රුම් දුන්නේය.

එසේම උතුරු පළාත් කාන්තා කටයුතු, පුනරුත්ථාපන, සමාජ සේවා, සමූපකාර, ආහාර සැපයුම් හා බෙදා හැරීම්, කර්මාන්ත සහ ව්‍යවසාය ප‍්‍රවර්ධන, වෙළඳ හා වාණිජ අමාත්‍යවරිය වශයෙන් අනන්ති ශෂිධරන් මහත්මියද උතුරු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, පරිවාස හා ළමාරක්ෂක සේවා අමාත්‍යවරයා වශයෙන් වෛද්‍ය ආචාර්ය ඥානසීලන් ගුණසීලන් මහතාද දිව්රුම් දෙන ලදි.

මීට අමතරව උතුරු පළාත් කෘෂිකර්ම හා ගොවිජන සේවා, සත්ත්ව පාලන, වාරිමාර්ග, ධීවර, ජල සම්පත් හා පරිසර අමාත්‍යවරයා වශයෙන් කන්දයියා සිවනේෂන් මහතාදෙ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිව්රුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *