නව අධිකරණ ඇමති ධූරය තලතා අතුකෝරලට හිමි වෙයි ද?

(කොළඹ, ලංකාපුවත්) – නව අධිකරණ අමාතක්‍යවරිය ලෙස තලතා අතුකෝරල මහත්මිය පත් කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සදහන් කර ඇත.

අතුකෝරල මහත්මියට අධිකරණ අමාත්‍යධූරය ලබා දෙනුයේ දැනට ඇය හොබවන විදේශ රැකියා පිළිබඳ අමාත්‍ය ධූරයට අමතරවය. ඇය නීතිඥවරියක් ද වේ.

එසේම ඇය මධ්‍යස්ථ මතධාරිනියක් ලෙස ද ප්‍රකටය.

මේ අතර ඊයේ (22) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා කියා සිටියේ ඉදිරියේදී නව අධිකරණ අමාත්‍යවරියක් පත්වීමට නියමිත බවය.

එසේම කම්කරු රජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රවීන්ද්‍ර සමරවීර මහතාට බුද්ධ ශාසන අමාත්‍ය ධූරය ලබා දෙනු ඇතැයි ද වාර්තා වේ.

මේ අතර විජේදාස රාජපක්‍ෂ අමාත්‍යවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවීමට නියමිත ය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *