EL TORO දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දෙයි

(කොළඹ, ලංකාපුවත්) – EL  TORO  Roofing සමාගම මෙරට ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දීමට කටයුතු කරයි.

පසුගියදා කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවති උත්සවයකදී මෙම හඳුන්වා දීම සිදුකෙරින. St. Anthony’s සමූහ ව්‍යාපාරයට අනුබද්ධ සමාගමක් වන EL  TORO  Roofing සමාගම පරිසර හිතකාමී අමුද්‍රව්‍ය යොදාගනිමින් උසස් ප්‍රමිතියෙන් යුත් සිවිලින් තහඩු සහ ඒ සම්බන්ධ අනෙකුත් උපාංග නිපදවයි.

මෑතකාලීනව ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ හරිත සංකල්පය ඛෙහෙවින් ප්‍රචලිත වූ අතර මේ වනවිට පාරිභෝගිකයෝ බොහෝ දෙනෙක් පරිසර හිතකාමී ජීවන රටාවන්ට ගැළපෙන නිෂ්පාදන හා සේවාවන් අපේක්ෂා කරති. EL  TORO  Roofing සමාගම මෙසේ ප්‍රථම වරට දේශීයව නිෂ්පාදිත පරිසර හිතකාමී සිවිලින් තහඩු පෙළක් හඳුන්වා දීමට කටයුතු කර ඇත්තේ එම ඉල්ලීම සපුරාලීමේ පියවරක් වශයෙනි.

සෙලියුලෝස් ෆයිබර්, පෝට්ලන්ඩ් සිමෙන්ති, පිරිසිදු කළ වැලි සහ ජලය මිශ්‍ර විශේෂ ෆයිබර් සිමෙන්ති සංයෝගයක් භාවිතයෙන් EL  TORO සිවිලින් තහඩු නිපදවා තිබේ. මේ සඳහා සමාගම විශිෂ්ටතම ජර්මානු තාක්ෂණය භාවිතා කරන අතර ඊට අවශ්‍ය උපකරණ හා උපාංගද ජර්මනියෙන් ආනයනය කර ඇත. මෙසේ නිෂ්පාදනය කරනු ලබන සිවිලින් තහඩු පරිසර හිතකාමී බව, කල්පැවැත්ම, ශක්තිය, පහසුවෙන් භාවිතා කිරීමේ හැකියාව සහ පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දීම යනාදී ගුණාංග වලින් සමන්විත වේ.

“අප කවදත් හරිත ජීවන රටාවන් ප්‍රියකරන අය වෙනුවෙන් හරිත තාක්ෂණය භාවිතයෙන් හරිත නිෂ්පාදන නිපදවීමට කටයුතු කරන සමාගමක්. ජාත්‍යන්තරව පිළිගත් ජර්මානු තාක්ෂණය භාවිතා කරමින් අප මේ සිවිලින් තහඩු නිෂ්පාදනය කරන්නේ මුළුමනින්ම පරිසර හිතකාමී ලෙසයි. මෙම නිෂ්පාදන, ඉදිකිරීම් කටයුතු වලදී අපතේ යාම් අවම කරමින් බලශක්තිය ඉතිරි කරන අතර නිවැසියන් වඩාත් සමබර ජීවන රටාවක් වෙත යොමුකරවන නිෂ්පාදන ලෙස හැඳින්වීමට පුළුවන්” EL TORO Roofing Products සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මනෝජ් වීරමන් මහතා පැවසී ය.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *