IS පළවාහරින මෙහෙයුම් අඛණ්ඩව – ඉරාකයෙන් ප්‍රකාශයක්

(කොළඹ, ලංකාපුවත්) – ඉරාකයේ ටාල් අෆාර් නගරයේ උතුරු දිග ප්‍රදේශය අත්පත් කර ගැනීමත් සමඟ IS ත්‍රස්තයින් පලවාහැරීමේ මෙහෙයුම් අඛණ්ඩවම සිදු කරන බව ඉරාක හමුදා පවසා සිටියි.

අමෙරිකා ආරක්ෂක ලේකම් ජේමිස් මැටිස් මෙහෙයුම නිරීක්ෂණය කිරිමට පැමිණී අවස්ථාවේ දී ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත.

ඉරාක ඒකාබද්ධ හමුදා ටාල් අෆාර් නගරයට නැගෙනහිර දෙසින් පිහිටි අල්ජස්රා නගරය අත්පත් කර ගැනීමට සමත් විය. ඉන් අනතුරුව ඔවුන් ටාල් අෆාර් ප්‍රදේශයේ මැද කොටස දෙසට ගමන් කළ බව ආරකෂක අංශ පවසයි. එහි සිටින IS සාමජිකයින් නගරයෙන් පිටත රැඳී සිටින ඒකාබද්ධ හමුදා වෙත කාලතුවක්කු ප්‍රහාර එල්ල කර තිබේ.

2014 වසරේ සිට ටාල් අෆාර් නගරය IS ත්‍රස්තයින්ගේ පාලනය යටතේ පවතින බව වාර්තා වේ.

ඒකාබද්ධ හමුදා බටහිර සහ ඊසාන දෙසින් නගරයට ඇතුළු වීමට උත්සාහ කරන බව හමුදා ප්‍රකාශකයෙකු සදහන් කළේය. ඔවුන් නගරයේ ආරක්ෂක පවුරු බිඳ තබා ඇති අතර ඉන්ධන පිරිපහදුවක්ද අත්පත් කරගෙන තිබේ. මොසූල් නගරයට කිලෝමීටර් 70ක් බටහිරින් පිහිටි ටාල් අෆාර් නගරයේ IS ත්‍රස්තයින්ගේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ද වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five + 13 =