තරු පන්තියේ හෝටල් ජනතාවට විවර වන ආහාර ප්‍රදර්ශනය හා සැණකෙලිය අද සිට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සියළුම තරු පන්තියේ හෝටල් සාමාන්‍ය ජනතාවට විවෘත වන තරු පහේ ආහාර ප්‍රදර්ශනය සහ සැණකෙලිය අද(24) ආරම්භ වේ.

ඒ පිටකොටුව පාවෙන වෙළඳ සංකීර්ණය කේන්ද්‍ර කරගනිමිනි.

පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය, නාගරික සංවර්ධන අධිකාරිය, සංචාරක හෝටල් හිමිකරුවන්ගේ සංගමය, පිටකොටුව වෙළඳ සංගමය සමඟ ඒකාබද්ධව සංවිධාන කරන මෙම ප්‍රදර්ශනය අද සිට ලබන 26 වනදා දක්වා පැවැත්වේ.

සංචාරක ක්‍ෂේත්‍රය ප්‍රවර්ධන කිරීමේ අරමුණෙන් සංවිධානය කෙරෙන මෙම අවස්ථාවට විශාල පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

තරු පන්තියේ හෝටලයක පිළියෙල කරන ආහාර වේලක් සාමාන්‍ය ජනතාවට බුක්ති වීඳීමේ අවස්ථාවද මෙහිදී හිමිවේ.

ඇගැළුම්, විසිතුරු භාණ්ඩ, අත්කම් නිශ්පාදන ඇතුළු විවිධ වෙළඳ කුටි වලින් සැණකෙලිය සමන්විතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *