තාජුඩීන් ඝාතනයේ සම්බන්ධයෙන් වෛද්‍ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට ගත හැකියි

(කොළඹ, ලංකාපුවත්) – රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සැකකරුවෙකු ලෙස කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද(24) කැඳවු අවස්ථාවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා එම දැනුම්දීම සිදුකළ කර තිබේ.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවය.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මියගිය වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිද්ධියට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව ද කියා සිටියේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *