දික්වැල්ලට සුපිරි වාර්තාවක් අහිමි වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ලකුණු 31 ලබා සිටියදී ජස්පිට් බුම්රාගේ පන්දුවකට දැවී යාම හේතුවෙන් ශ්‍රී ලංකා අරම්භ පිතිකරු නිරෝෂන් දික්වැල්ලට අද(24) වාර්තාවක් අහිමිවිය.

ඒ එක්දින තරඟ වල වේගවත්ම ලකුණු 1000 ලබාගත් ක්‍රීඩකයා වීමේ අවස්ථාවයි.

අද තරඟයට පෙර,එක්දින තරඟ 21 ක්‍රීඩා කර තිබූ නිරෝෂන් දික්වැල්ල ඉනිම 20කදී ලකුණු 862 ලබාගෙන තිබුණි.

හිටපු සුපිරි පිතිකරුවෙකු වන විවියන් රිචර්ඩ්ස් මෙම ලයිස්තුවේ පළමු තැන හිමිව ඇති අතර ඔහු ඉනිම 21 සිය එක්දින ලකුණු 1000 පසුකර ඇත.

එසේම එංගලන්තයේ කෙවින් පීටර්සන්,ජොනතන් ට්‍රොට්, දකුණු අප්‍රිකාවේ ක්වීන්ටන් ඩී කොක්,පාකිස්ථානයේ බාබර් අසාම් යන ක්‍රීඩකයන්ද ඉනිම 21 දී ලකුණු 1000 පසුකර තිබේ.

කෙසේ වෙතත් ඉදිරි තරඟවලදී දික්වැල්ල තවත් ලකුණු 107 ලබාගතහොත් වේගවත්ම එක්දින ලකුණු 1000 පසුකළ ක්‍රීඩකයන්ගේ ලයිස්තුවේ පළමු ස්ථාන 10 අතරට පැමිණීමට හැකි වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *