නකල්ස් කදු පංතියේ දැඩි සුළං හමුවේ බඹරුන් ජනපද අතහැර යයි

(කොළඹ, ලංකාපුවත්) –  මේ දිනවල මධ්‍යම පළාතේ පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නකල්ස් කදු පංතියේ බඹර ජනපදවලට බලපෑම් එල්ල වී තිබේ.

මුහුදු මට්ටමේ සිට අඩි තුන්දහස දක්වා උසින් පිහිටි කදු මුදුන් වල පවතින සුවිශාල ගස් මත බඹර ජනපද නිරන්තරයෙන් නකලස් රක්ෂිතයේ දැකගත හැකිය.

මේ වන විට පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ජනපද හැරයන බඹරුන් හේතුවෙන් ඔවන් රැදී සිටි ජනපද මේ වන විට රුක්ගොමුවල දක්නට ලැබේ.

මේ රත්තොට මාර්ගයේ රිවස්ටන් කදු වලල්ල ආසන්නයේ බෑවුම් ප්‍රදේයේ පිහිටි විශාල වෘක්ෂයක පිහිටි බඹර ජනපද බඹරුන් විසන් අතහැර ඇති ආකාරය අප කැමරාවේ සදහන් වු අයුරුයි.

(නාඋල – ඉන්දික අරුණ කුමාර)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *