රටේ ජාතික ආරක්ෂාවට කිසිදු ගැටළුවක් නැහැ – නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී

(කොළඹ, ලංකාපුවත්) – රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි.

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධුරයේ වැඩභාරගත් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගෙන තිබේ.

අද(24) පෙරවරුවේ මහනුවරට පැමිණි අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක උන්වහන්සේගේ ද ආශිර්වාද ලබාගත්තේය.

එහිදි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් සිදුකරන චෝදනා පිළිබදව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් විජේගුණරත්න මහතා මේ බව පැවසීය.

කෙසේ නමුත් යුද්ධය පටන් ගත් දා සිට යුද්ධයේ ජයග්‍රහණය දක්වා සිටි පිරිසක් අද වන විටත් ආරක්ෂක අංශයේ සිටින බැවින් ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් ඒ පිළිබඳ ඔවුන් බලා ගන්නා බව ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − 10 =