ළමා අපයෝජනයක් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 1929ට කියන්න

(කොළඹ, ලංකාපුවත්) – ළමා අපයෝජනයන් පිළිබඳ තොරතුරු වෙතොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානය හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය ඇමතීමෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය සියළු ප්‍රජාවගෙන් ඉල්ලීමක් කර සිටියි.

පසුගියදා 15 හැවිරිදි ශිෂ්‍යයකු වෙත අසභ්‍ය දර්ශන පෙන්වමින් ලිංගික කටයුත්තක් සඳහා පොළඹවාගැනීමට උත්සාහ කළ උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය සමත්ව ඇත.

ආදාළ උපකාරක පන්ති ගුරුවරයාගෙන් දිගින් දිගටම සිදු වූ මෙම හිංසන පිළිබඳව අදාළ පාසල් ශිෂ්‍යයා ඔහුගේ පවුලේ මනෝ විද්‍යා උපදේශකවරියට පවසා තිබේ.

ඇයගේ මඟ පෙන්වීම මත ජාතික ළමා ආරක්ෂක අධිකාරියට සිදු කළ පැමිණිල්ලකට අනුව සියළු විමර්ශන හා වැටලීම් කටයුතු ඉතා රහසිගතව සිදු කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරන ලදි.

අත්අඩංගුවට පත් උපකාරක පන්ති ගුරුවරයා විමර්ශන අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත්වරිය නියෝග කරන ලදි.

මෙම විමර්ශනය ජාතික ළමා ආරක්ෂකඅධිකාරියේ සභාපතිනියගේ නියෝගයක් මත, ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙහි නීතිය බලාත්මක කිරීමේ සහකාර අධ්‍යක්ෂ නීතීඥ යශාලි අබේසුන්දර මහත්මිය, සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් මයා හා ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ලංකා රාජිනී මහත්මියගේ උපදෙස් පරිදි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංකර, උප පොලිස් පරීක්ෂක රංජිත් ලක්ෂ්මන් විමලසිරි යන නිලධාරීන්ගේ මැදිහත්වීම මත සිදු කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

18 + four =