පාකිස්ථානයේ මිලියන 60ක ජනතාවගේ ජීවත අවදානම් තත්ත්වයක

(කොළඹ, ලංකාපුවත්) – ආසනික් මිශ්‍ර ජලය හේතුවෙන් පාකිස්ථානයේ මිලියන 60ක ජනතාවගේ ජීවන තත්ත්වය අවදානම් සහගත බව පරික්ෂණයකින් හෙළිව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

පාකිස්ථානයේ භූගත ජල උල්පත් පිහිටා ඇති පාෂාණ ස්ථරවල ප්‍රතික්‍රියා හේතුවෙන් ආසනික් ජලයට මුසුවීම සිදුවේ.

එම ජලයේ ආසනික් සාන්ද්‍රණය ඉතා ඉහළ අගයක් ගන්නා බව සොයා ගෙන ඇත. ජල උල්පත්වලින් ලබාගත් ජල සාම්පල 1,200ක් යොදාගනිමින් සිදුකළ පරික්ෂණයකින් මේ බව හෙළිව තිබේ.

මෙය කුඩා දරුවන්ගේ මෙන්ම වැඩිහිටියන්ගේ ජීවිතවලට ද දැඩි තර්ජන එල්ලකරන්නක් බව පාකිස්තාන වාර්තා සදහන් කර ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි, ලොව පුරා මිලියන 200 ක පමණ ජනතාවකට ජල ලීටරයකට මිලිග්‍රෑම් 10 ක් නිර්දේශිත සීමාව ඉක්මවා ආසනික් සාන්ද්‍රණයට නිරාවරණය වේ. බංග්ලාදේශය, ඉන්දියාව, වියට්නාමය සහ නේපාලයයන රටවලට මේ අවධානම පවතින බවද සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *