උණ බට උපන්දින කේක් රස වින්ද යෝධ පැන්ඩා පැටවා

(කොළඹ, ලංකාපුවත්) – ඔබ මේ දකින්නේ “බෞ බෞ” නැමැති යෝධ පැන්ඩා පැටියෙක්.

පසුගියදා ඇය අවුරුදු 4 ‍උපන් දිනය සැමරුවා. උණබට වලින් නිර්මාණය කර තිබූ උපන්දින කේක් එක ඇය රස වින්දා.

චීන සම්භවයක් ඇති “බෞ බෞ” ඉපදුණේ ඇමෙරිකාවේ වෝෂින්ටන් නගරයේ.

පසුගිය පෙබරවාරි මාසයේ “බෞ බෞ” ඇගේ නිජ භූමිය වගේම මුතුන් මිත්තන්ගේ වාසස්ථානය වන චීනයේ සී චුන් පළාතට පැමිණියා. දැන් “බෞ බෞ”ට චීනයේ ජීවිතය හොඳට පුරුදුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 16 =