උසස් පෙළ විභාගයේ 02වනදාට නියමිත විෂයන් දෙකක් කල් දැමේ

(කොළඹ, ලංකාපුවත්) – ලබන මස 02 වනදාට යෙදී ඇති හජ් උත්සවය නිමිත්තෙන් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විෂයන් දෙකක් ලබන මස 04 වන දා දක්වා කල් දමා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්. එම්. එන්. ජේ. පුෂ්පකුමාර මහතා පැවසීය.

ඒ අනුව ලබන මස 02 වනදා පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පොදු පරීක්ෂණය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ 2 වන කොටස මෙලෙස 04 වන දා දක්වා කල් දමා ඇත.

එදින පෙරවරු 8.30ට සිට 11 දක්වා සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර පස්වරු 12.30ට සිට 3.30 දක්වා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ 2 ප්‍රශ්න පත්‍රය පැවැත්වේ.

සියලු විභාග අපේක්‍ෂකයන්ට දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍රයම එදිනට ද වලංගු බව විභාග කොමසාරිවරයා නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 5 =