කලගෙඩිහේන ඉන්ධන පිරවුම් හලක ගින්නක්

(කොළඹ, ලංකාපුවත්) – නිට්ටඹුව, කලගෙඩිහේන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලක ගින්නක් හට ගෙන තිබේ.
ගින්න හේතුවෙන් ඉන්ධන බවුසරයක් සම්පූර්ණයෙන් ගින්නෙන් දැවී ගොස් ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හට ගෙන ඇත.

ගින්න නිවීම සඳහා මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පොලිසිය සදහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen + nineteen =