තායිලන්තයේ හිටපු අගමැතිනිය අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක්

(කොළඹ, ලංකාපුවත්) – තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් ෂිනවත්‍රා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශකර තිබේ.

විවාදාත්මක නඩු විභාගයක් සඳහා ඇය පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත.

අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් ඇයට නඩු විභාගය සඳහා සහභාගිවිය නොහැකි බව ෂිනවත්‍රාගේ නීතීඥයන් ප්‍රකාශ කර තිබේ.

නීතීඥයින්ගේ කරුණු විශ්වාසකළ නොහැකි බවත්, ඇයව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත් කිරීමට සිදුවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත.

සහල් සම්බන්ධ සහනාධාර වැඩසටහනක් නොසලකාහැරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ලවී තිබේ. එම චෝදනාව තහවුරු වුවහොත් ඇයට වසර 10ක සිර දඩුවම් නියම වනු ඇත. නඩු විභාගය ලබන මස 27වනදා තෙක් කල් තැබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *