දියකාවා යුද අභ්‍යාසය ලබන මස 03වනදා සිට

(කොළඹ, ලංකාපුවත්) – දියකාවා ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය 08වන වරටත් ලබන මස 03වනදා සිට 25 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නැගෙනහිර පළාත හා හම්බන්තොට දිස්ත්‍රික්කය ආවරණයවන පරිදි මෙවර යුද අභ්‍යාසය පැවැත්වේ.

යුද , නාවික , ගුවන් හමුදා නියෝජනය කරමින් සාමාජිකයින් 2675 දෙනෙකු සහ විදේශීය හමුදා සාමාජිකයින් 60දෙදෙනෙකු මෙවර යුද අභ්‍යාසයට සහභාගිවන බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සදහන් කෙරුණි.

විවිධ අවස්ථාවලදී ඇතිවන තත්ත්වයන් තුළ දී විශේෂ හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සහ එම හැකියාවන් වැඩි දියුණු කිරීම සඳහා සහයෝගය ලබාදීමට ආර්ධ සම්ප්‍රදායික මෙහෙයුම් සඳහා විශේෂ මෙහෙයුම් හමුදා ක්‍රියාත්මක කිරීම මෙහි අරමුණ වේ.

2010 වර්ෂයේ ආරම්භ වූ මෙම දියකාවා යුද අභ්‍යාසය විශාලත ම බහුවිධ යුද අභ්‍යාසයක් ලෙස වාර්ෂිකව අඛණ්ඩ ව පවත්වාගෙන යනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eighteen + 18 =