ලාහෝර් නුවර පන්දුවාර 20-20 තරගයට එක්වීමට නියමිත ලෝක ක්‍රිකට් කණ්ඩායම නම්කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තානයේ ලාහෝර් නුවරදී පන්දුවාර 20-20 තරගයකට එක්වීමට නියමිත ලෝක ක්‍රිකට් කණ්ඩායම නම්කර ඇත.

ලෝක ක්‍රිකට් කණ්ඩායමට හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන්ම වත්මන් ක්‍රිකට් ක්‍රීඩකයින්ද ඇතුළත් වේ. රටවල් 7ක් නියෝජනය කරමින් පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 තරගයට මෙලෙස ලෝක ක්‍රිකට් කණ්ඩායම නම්කර ඇත.

ඊට එංගලන්ත , ඕස්ට්‍රේලියා , දකුණු අප්‍රිකා, බංග්ලාදේශ , නවසීලන්ත , බටහිර ඉන්දීය කොදෙව් සහ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ද ඇතුළත්ය.

ශ්‍රී ලංකාවෙන් නම්කර ඇත්තේ තිසර පෙරේරායි.

ලෝක ක්‍රිකට් කණ්ඩායමට නායකත්වය ලබාදෙන්නේ දකුණු අප්‍රිකා හිටපු නායක ෆොෆ් ඩුෆ්ලෙසිස් ය.

ඇන්ඩි ෆ්ලවර් මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබේ.

ලබන මාසයේ ලාහෝර් නුවරදී මෙම තරගය පැවැත්වීමට නියමිකව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 + 12 =