සූකර උණ හේතුවෙන් ඉන්දියාවේ 1,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට

(කොළඹ, ලංකාපුවත්) – සූකර උණ හේතුවෙන් පසුගිය මාස කිහිපය තුල ඉන්දියාවේ පුද්ගලයින් 1,000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වී තිබේ.

පසුගිය සති තුන ඇතුලත මරණ 342ක් වාර්තා වී ඇති අතර ගතවූ මාස අටක කාලයේ දී පුද්ගල මරණ 1,094ක් වාර්තා වී ඇතැයි බීබීසි පුවත් වාර්තාවල දැක්වේ.

ඒ අනුව මෙම වසරේ වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව සිව් ගුණයක වැඩිවීමක් පෙන්නුම් කෙරේ. ඉන් දරුණුම බලපෑමක් සිදුව ඇත්තේ මහාරාෂ්ට්‍රා ප්‍රාන්තයටය.

පුද්ගලයින් 22,186 දෙනෙකුට රෝගය වැළඳී ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම 2009 – 2010 වසරවල්වලදී මෙය දරුණු වසංගත තත්ත්වයක් ලෙස ඉන්දියාව පුරා පැතිර ගියේය. එහිදී 50,000ක් පමණ රෝගයට ගොදුරු වූ අතර 2,700කට අධික පිරිසක් ජීවිතක්‍ෂයට පත්ව තිබුණි.

 

 

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *