දෙවැනි එක්දින තරගයේ ජය ඉන්දීයාවට

(කොළඹ, ලංකාපුවත්) – පල්ලේකැලේ ජාත්‍යාන්තර ක්‍රීඩාංගණයේදී පැවති ඊයේ (24) පැවති දෙවැනි එක්දින තරගයෙන් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම පරදා දෙරට අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන්ද කඩුළු 03 ක ජයක් ලැබීමට සංචාරක ඉන්දිය කණ්ඩායම සමත්විය.

ලකුණු 231 ජයග්‍රාහී ඉලක්කයක් (ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව) හඹාගිය ඉන්දීය කණ්ඩායම කඩුලු 07 ක් පමණක් වැය කර පන්දුවාර 44 යි පන්දු 02 ක් තුළ එම ඉලක්කය පසුකර ගියේය.

ඉන්දීය කණ්ඩායම සිය පළමු කඩුල්ල සඳහා ලකුණු 109ක සබඳතාවක් පැවැත්වීය.

කෙසේ වෙතත් එතැන් පටන් ඉන්දීය කණ්ඩායමේ කඩුලු 7ක් ලකුණු 22ක් තුළ බිඳ දැමීමට අකිල ධනංජය හා මිලින්ද සිරිවර්ධන සමත්විය.

එම කඩුලු හතෙන් හයකම හිමිකරුවා වූයේ අකිල ධනංජයයි.

කෙසේ වෙතත් අටවැනි කඩුල්ල සඳහා දෝනි හා භුවනේෂ්වර් කුමාර් නොබිඳුණු ලකුණු 100ක සබඳතාවක් පවත්මින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

මෙහිදි භුවනේෂ්වර් සිය මංගල අර්ධ ශතකයද වාර්තා කිරීමට සමත්වීම කැපීපෙනෙන සිදුවීමක් විය.

අකිල ධනංජය සිය පන්දුවාර 10 තුළදී ලකුණු 54ට කඩුලු 6ක් දවා ගැනීමට සමත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *