ස්විස්ටර්ලන්තයේ නායයාමකින් 08ක් අතුරුදන්

(කොළඹ, ලංකාපුවත්) – ස්විස්ටර්ලන්තයේ ගිණිකොණ දෙසින් පිහිටි කඳුකර ප්‍රදේශයක සිදු වූ නායයාමකින් පුද්ගලයින් 08 දෙනෙකු අතුරුදන් වී ඇති බව එරට වාර්තා සදහන් කර ඇත.

කඳු නගින්නන් සහ පාගමන් කරුවන් අතර ජනප්‍රිය නිම්න ප්‍රදේශයක් වන වැල් බොන්ඩස්කා ප්‍රදේශයේ නායයාම සිදුව තිබේ.

අතුරුදන් වූවන් අතර ජර්මානු, ඔස්ට්‍රියානු සහ ස්විස් ජාතිකයන්ද සිටින බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත .

නායයාම සමඟ කිලෝමීටර 5කට වැඩි ප්‍රදේශයක් මඩ තට්ටු වලින් වැසී ඇති බව ස්විස්ටර්ලන්ත පොලීසිය ප්‍රකාශ කර තිබේ. එම ප්‍රදේශයේ රැඳී සිටි පිරිස් ආරක්ෂිත ස්ථානකරා යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද සදහන් වේ.

අතුරුදන් වූවන් සොයා ගැනීමේ මෙහෙයුම් සහ සහනසේවා කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා යොදවා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *