ඇවන්ගාඩ් සභාපතිට නොතීසි

(කොළඹ, ලංකාපුවත්) – ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාට සහ මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතාට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර ඇත.

අල්ලස් කොමිසම මඟින් මොවුන් දෙදෙනාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති නඩුව අද (28) කැඳවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසම අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ විත්තිකරුවන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර ඇති බැවින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යනු ලබන නඩුව වසා තබන ලෙසය.

ඒ අනුව ලබන 19 වනදා කොළඹ මහාධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුවන්ට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නඩුව තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *