චන්දිමාල්ට එක්දින තරගාවලිය අහිමිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට එක්දින තරගාවලිය අහිමිවී තිබේ.

සංචාරක ඉන්දියාව සමග පැවති තුන්වන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු නවයකට ලබා ගත්තේ ලකුණු 217ක් පමණි.

ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 36ක් ඉනිමට එක්කිරීමට සමත් විය.

එහෙත් ඔහු පිතිකරණයේ යෙදෙන අවස්ථාවේ පන්දුව අතේ වැදී දකුණු අතේ මහපට ඇඟිල්ල ආබාධයකට ලක්විය. මේ හේතුවෙන් මෙම තරගාවලිය ඔහුට අහිමි වී ගොස් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේය.

වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා චන්දිමාල්ව විශේෂඥ වෛද්‍යවරුන් හමුවට අද දිනයේ යොමු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඉන් අනතුරුව චන්දිමාල්ගේ ආබාධය සම්බන්ධයෙන් වැඩිදුර ප්‍රතිකාර සිදු කිරීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *