හෝර්ටන්තැන්න නරඹන්න විශාල පිරිසක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් නිවාඩුවත් සමග හෝර්ටන්තැන්න නැරඹීමට මේ දිනවල විශාල පිරිසක් පැමිණෙන බව වාර්තා වේ.

එසේම මෙම සුන්දර පරිසරය ආරක්ෂා කිරීමට සියලුදෙනා පියවර ගත යුතු බව වනජීවී දෙපාර්තමේන්තුව සදහන් කර සිටියි.

බොහෝ පිරිස් තම පෞද්ගලික ප්‍රවාහන සේවා උපයෝගී කරගනිමින් පැමිණෙන අතර තවත් පිරිස් නානුඔය දක්වා දුම්රියෙන් පැමිණ හෝර්ටන්තැන්නේ සංචාරය කිරීමට පියවර ගනියි.

මෙම ප්‍රදේශයේ මේ දිනවල පවතින්නේ වැසි රහිත කාලගුණයකි. එබැවින් පරිසරය හොඳින් දැක බලා ගැනීමට ද අවස්ථාව ද සැලසී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five × 4 =