‘බකිංහැම්’ මාලිගය අසල ප්‍රහාර සැලැස්මක්?

(කොළඹ, ලංකාපුවත්) – බකිංහැම් මාලිගය අසලදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක සිටි බවට සැක කරමින් තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ලන්ඩන් නාගරික පොලිසිය පවසයි.

පසුගිය සිකුරාදාත් (26) බකිංහැම් මාලිගය අසල දී පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර ඊයේ (27) සිදු කෙරුණේ දෙවැනි අත්අඩංගුවට ගැනීමයි.

‘බකිංහැම්’ බ්‍රිතාන්‍ය එලිසබත් රැජිනගේ නිල මාලිගයයි.

සිකුරාදා අත්අඩංගුවට ගන්නා ලද 26 හැවිරිදි තැනැත්තා ඉස්ලාමීය සන්නද්ධ ප්‍රහාරකයකු යැයි සැක කෙරේ

එම පළමු පුද්ගලයා බකිංහැම් මාලිගය ඉදිරිපිට දී මෝටර් රථයක් සිතාමතාම පොලිස් වාහනයක් දෙසට පදවා අනතුරුව නිලධාරීන්ට අඩි හතරක් දිග කඩුවකින් පහර දීමට තැත් කර තිබුණි.

එම අවස්ථාවේ සුළු තුවාල ලද පොලිස් නිලධාරීන් ප්‍රහාරකයා මෙල්ල කරන ලද අවස්ථාවේ ඔහු “අල්ලාහ් අක්බර්” යනුවෙන් කෑ ගසා ඇත.

සුළු කැපුම් තුවාල ලද පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් කර යොමු කරනු ලැබුණි.

එම ප්‍රහාරය සිදු වෙන අවස්ථාවේ බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිදු සාමාජිකයකු බකිංහැම් මාලිගය තුළ නොසිටි බව නිවේදනය කරනු ලැබ ඇත.
ප්‍රහාරකයා පොලිස් අත්අඩංගුවේ පසු වේ.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් සැක පිට දෙවනුව අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වාසය කරන බටහිර ලන්ඩනයේ පිහිටි නිවස සෝදිසි මෙහෙයුමකට ලක් කරන ලද බව පොලිස් ආරංචි මාර්ග මගින් පැවසෙයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *