ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ලෝක බාලදක්ෂ කමිටු සාමාජිකත්වයට ශ්‍රී ලාංකිකයෙක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා බාලදක්ෂ ඉතිහාසයේ පළමු වරට ලෝක බාලදක්ෂ කමිටු සාමාජිකත්වයට ශ්‍රී ලාංකිකයෙකු පත්ව සිටියි.

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් නීතීඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා මෙලෙස ලෝක බාලදක්ෂ කමිටු සාමාජිකයෙකු ලෙස පත්ව ඇත.

ලොව රටවල් 218ක මිලියන 40කට වැඩි පිරිසක් ලෝක බාලදක්ෂ සංවිධානයේ සාමාජිකත්වය දරනු ලැබේ.

අසර්බයිජාන්හි බාකු නගරයේ දී රටවල් එකසිය හැටක් නියෝජනය කරමින් පසුගියදා ලෝක බාලදක්ෂ සම්මේලනය පැවැත්වුණි.

එහිදී ශ්‍රි ලංකාව නියෝජනය කරමින් ඊට එක්වූ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා වැඩි ඡන්දයෙන් කමිටු සාමාජිකත්වයට පත්විය.

ඒ මහතා පිළිගැනීමේ විශේෂ උත්සවයක් කොළඹ ප්‍රධාන බාලදක්ෂ මූලස්ථානයේ දී පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *