සූර්යා මේ දිනවල ශ්‍රී ලංකාවට ආසන්නව

(කොළඹ, ලංකාපුවත්) – මේ දිනවල සූර්යා ශ්‍රී ලංකාවට ආසන්නව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන්කිරීමේදී, අගෝස්තු මස27වන දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින්පවතී.

අද දින (28) දහවල්12.12 ට නවලඩි, චලෛ සහ පෙරියපරන්තන් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

අද සහ හෙට යන දිනවලදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්වයේ සුළු වැඩිවීමක්බලාපොරොත්තු වියහැකිය. බොහෝ ප්‍රදේශවල අහස වලාකුළු වලින්බරව පවතිනු ඇත.

දිවයින හරහා (විශේෂයෙන් උතුරු, උතුරු-මැද, වයඹ, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වලත්මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්) පැ.කි.මී. 40-50 පමණ තරමක තද සුළං බලාපොරොත්තුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *