ආණ්ඩුව ඇතුලේ ඉඳන් ආණ්ඩුව විවේචනය කරන්න නිදහසක් තියෙනවා – ඇමති තලතා

(කොළඹ, ලංකාපුවත්) –රජය තුළ සිටිමින් රජය විවේචනය කිරීමේ අයිතිය මැති ඇමතිවරුන්ට දැන් හිමිවී ඇති බවත්, මීට පෙර පැවති රජයේ මෙන් නොව යහපාලන රජයේ සියළු දෙනා සාකච්ඡා කර තීන්දු තීරණවලට එළැඹෙන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ අදහස් පළකළේ, මීට මාස 3කට ඉහතදී පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් රත්නපුර, නිවිතිගල කිරිබත්ගල කන්ද නාය යාමෙන් කිරිබත්ගල ප්‍රදේශයේ මියගිය පුද්ගලයින් 26 දෙනෙකු වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ වැඩසටහනකට එක් වෙමිනි.

කිරිබත්ගල ශ්‍රී ශෛලධර්ශනාරමයේදී පසුගිය 27වනදා එය පැවැත්විණි.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න සඳහා පිළිතුරු දුන් අමාත්‍යවරිය,

ආණ්ඩුවේම මැතිඇමතිවරු ආණ්ඩුව සම්බන්ධයෙන් තැන තැන විවේචනය කරනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමියගේ අදහස?

 “ඒක තමයි යහපාලනය. ඒ නිදහස අපිට දීලා තියෙනවා. ඕනිම අදහසක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඕනෑම පුද්ගලයෙක් විවේචනය කරන්න පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. කලින් වගේ එක පිරිසක් නෙවෙයිනේ තීන්දු තීරණ ගන්නේ. සාමූහිකව කතා කරලා තමයි තීරණ ගන්නේ. සමහර විවේචන ඇත්ත වෙන්න පුළුවන්. සමහර විවේචන බොරු වෙන්න පුළුවන්. හැබැයි ඒක කරන පුද්ගලයා හා කරන විවේචනය දිහා බලලා ජනතාව තීරණය කරයි.ඞ

ඇමතිතුමියනි, නව අමාත්‍යංශය ගැනත් යමක් කියන්න?

“කවුරුත් දන්නවනේ මේ රටේ අධිකරණ අමාත්‍යංශයක් තිබුණා. මට ඉතින් ඉල්ලන්න තියෙන්නේ රටේ නීති පද්ධතියක් තියෙනවා. ඒ නීති පද්ධතියට අනුව රටේ ජනතාව ජීවත් වෙන්න ඕනි. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *