උතුරු කොරියාවෙන් ජපානය දෙසට මිසයිලයක්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාව ජපානය දෙසට මිසයිලයක් එල්ල කර තිබේ.

කෙසේ වෙතත් එය හොක්කයිඩෝ දිවයිනට ඔබ්බෙන් පිහිටි ශාන්තිකර සාගරයට පතිත වී ඇති බව වාර්තා වේ.

මිසයිලය පතිත වීමට පෙර එය කොටස් තුනකට කැඩී ගොස් ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කර ඇත.

වසර 8කට පසුව ජපානය දෙසට එල්ල කෙරුණු ප්‍රථම මිසයිලය මෙය බව සඳහන්ය. උතුරුදිග ජපානය හරහා ගමන් කළ මෙම මිසයිලයෙන් කිසිදු හානියක් සිදුවී නොමැති බව එන් එච් කේ රුපවාහිනිය ප්‍රකාශ කර තිබේ.

ජනතාවගේ ජීවිත ආරක්‍ෂා කිරීම සඳහා හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා කරන බව ජපාන අගමැති ෂින්සෝ අබේ ප්‍රකාශ කර ඇත. මෙය පෙර නොවූ විරූ තර්ජනයක් බව එරට ප්‍රධාන කැබිනට් ලේකම් යොෂීහිඩේ සුගා කියා සිටියේය.

ජපානය ඊට ප්‍රතිචාර දැක්වීම සදහා වඩාත් සුදුසු ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු අවධාරණය කළේය.

උතුරු කොරියාව පසුගිය සතියේ ද කෙටි දුර මිසයිල තුනක් අත්හදා බලා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seventeen − 7 =