යතුරු පැදියෙන් පැමිණ වෙඩි තබමින් මාලිගාවත්ත භීතියට පත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – මරදාන මාලිගාවත්ත ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ.

ත්‍රිරෝද රථයකින් ගමන් කළ පිරිසකට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙම වෙඩි තැබීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනෙකු තුවාල ලබා ඇත. ඔවුන්ව කොළඹ ජාතික රෝහල ට ඇතුලත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය විමර්ශන පවත්වයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

9 + ten =