(කොළඹ, ලංකාපුවත්) – වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩාවල ඇති සියලු වී තොග, සහල් කොට වෙළෙදපොළට නිකුත් කරන බව එහි සභාපති එම්. බී. දිසානායක මහතා සදහන් කරයි.
සතොස හරහා එය ක්රියාත්මක කරන බව ඔහු පැවසීය.
සභාපතිවරයා මේ අදහස් පළ කළේ මුලතිව්, ඔඩ්ඩුසුඩාන් වී ගබඩා සංකීර්ණයේ ඉදිකිරීම් ඊයේ(28) ආරම්භ කරමිනි.
මෙහි ධාරිතාව වී කිලෝ ලක්ෂ 15කි. ඔඩ්ඩුසුඩාන් ප්රදේශයේ ගොවි ජනතාවගේ ප්රයෝජනය පිණිස මෙය ඉදිකරන බව එම් බී දිසානායක මහතා සදහන් කළේය. රුපියල් කෝටි 4ක් මීට වැය කෙරේ..