‘හාවි’ කුණාටුවෙන් ශ්‍රී ලාංකිකයින්ට ජීවිත හානියක් නැහැ – ටෙක්සාස් හි ශ්‍රී ලංකා කොන්සල්

(කොළඹ, ලංකාපුවත්) – ‘හායි’ කුණාටුව හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට ජීවිත අනතුරක් සිදුව නොමැති බව ටෙක්සාස් හි ශ්‍රී ලංකා කොන්සල් සුසන්ත ශාන් හලඹ මහතා පැවසීය.

අමෙරිකාවට වසර 12කට වරක් දරුණු කුණාටුවක් එන බවත් එය මෙවර වැඩිපුරම බලපා ඇත්තේ ටෙක්සාස් ප්‍රාන්තයට ය. එහි වෙනසෙ වැසියන්ට මීට දින කිහිපයකට ප්‍රථම වහාම ප්‍රාන්තයෙන් ඉවත්වවන ලෙස දැනුම් දී තිබේ.

ටෙක්සාස් වේලාවෙන් පසුගිය 25වනදා සවස සිට බලපා ඇති මෙම කුණාටුව පැයට සැතපුම් 175ක වේගයෙන් මෙය ගමන් කරන බවද දින කිහිපයක් පුරා පැවතිය හැකි බව ද ශ්‍රී ලංකා කොන්සල් වරයා සදහන් කළේය.

කෙසේ නමුත් ඕනෑම අවස්ථාවක තමා අමතන ලෙස ඔහු එහි වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

ඔහුගේ දුරකථන අංකය – 972 – 841 – 5367

විද්‍යුත් ලිපිනය – [email protected]

වොෂින්ටන් තානාපති කාර්යාලයේ හොට් ලයින් අංකය – 202 352-0355

මේ අතර අමෙරිකානු වාර්තා සදහන් කරනුයේ ‘හාවී’ කුණාටුවත් (Hurricane Harvey)සමඟ හූස්ටන් නගරයේ මහා මාර්ග ගංගා බවට පත්ව ඇති බවය.

නොකඩවා ඇද වැටෙන ධාරානිපාත වර්ෂාව සහ ගංවතුර සමඟ පොර බදමින් සිටින ‘හූස්ටන්’ නගර බලධාරීන් තවත් දස දහස් සංඛ්‍යාත ජනකායකට ගේදොර හැරදා ආරක්‍ෂිත ස්ථාන කරා යන මෙන් උපදෙස් දී ඇත.

ගංවතුරට ගොදුරු වූ දෙදහසක පමණ ජනතාව බේරා ගනු ලැබ සිටින අතර තවත් දහස් ගණනක් හදිසි සේවාවන්හි පිළිසරණ පතමින් තවමත් බලා සිටින බවත් එම වාර්තා මගින් පැවසේ. ජලයෙන් යට වූ නිවෙස්වල වහල මත රැඳී සිටින ජනතාව ඉවත් කර ගැනීම සඳහා විස්සකට අධික හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් ඇත.

ලොකු කුඩා බෝට්ටු සිය ගණනක් මහජනයා බේරා ගැනීමේ මෙහෙයුමට එක්ව ඇති බවද වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × two =