ඇල්පිටිය උප තැපැල් කාර්යාලය ගිනි ගනී – ඇතුළේ සිටි ස්ථානාධිපතිවරිය මරුට

(කොළඹ, ලංකාපුවත්) –ඇල්පිටිය කුරුඳුගහහැතැක්ම උප තැපැල් කාර්යාලයේ අද (29) අලුයම කාලයේ ගින්නක් හටගෙන තිබේ.

එම ගින්නට හසුව එහි සිටි තැපැල් ස්ථානාධිපතිවරිය ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මෙම ගින්න හේතුවෙන් තැපැල් කාර්යාලය ඇතුලත සිටි තැපැල් ස්ථානාධිපතිනිය පිළිස්සුම් තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් තිබේ. ඇය මරණයට පත්වන විට 49වන වියේ පසුව ඇත.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති අතර ඇල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *