මුම්බායි නගරයට ඇද හැලෙන වර්ෂාපතනය හේතුවෙන් ජන ජීවිතයට දැඩි බලපෑම්

(කොළඹ, ලංකාපුවත්) – 2005 වසරෙන් පසුව ඉන්දියාවේ මුම්බායි නගරයට ඇද හැලෙන වැඩිම වර්ෂාපතනය හේතුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වේ.

ඊයේ උදෑසන සිට අඛණ්ඩව අධික වැසි ලැබෙමින් පවතින බව සදහන් ය.

අද සවස් වන විටත් වර්ෂාව පැවතියහොත් නගරය ගංවතුරින් යටවීමේ අවදානමක් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වේ.

කාලගුණ වාර්තා සදහන් කරන්නේ වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරි පැය 24 තුළ ද පැවතිය හැකි බවය. සුළිකුණාටු සහිත කාලගුණයක් ලෙස මෙම තත්ත්වය පවතින බැවින් අවදානයෙන් පසුවන ලෙස මුම්බායි වැසියන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *