බංග්ලාදේශයට ඓතිහාසික ක්‍රිකට් ජයක්

(කොළඹ, ලංකාපුවත්) – ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව සිය පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම අද(30) සමත් විය.

ඒ මීර්පූර් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ ඔස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය ලකුණු 20 කින් ජය ගැනීමත් සමඟය.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 260 ක් ලබා ගත් අතර පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 217 ක් ලබා ගත්තේය.

දෙවන ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 221 ක් ලබා ගැනීමත් සමග ජයග්‍රහණය සඳහා ඔස්ට්‍රේලියා කණ්ඩායමට ලකුණු 264 ක ඉලක්කයක් හිමි වුණි.

කෙසේවෙතත් දෙවන ඉනිමේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 244 ක් පමණි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 05ක් බිඳ හෙලූ ශකීබ් අල් හසන් තරඟයේ වීරයා ලෙස සම්මාන හිමි කර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *