මීළඟ ඉන්දියා–ශ්‍රී ලංකා තරගය නරඹන්න එන ක්‍රීඩා ලෝලීන්ට තහනම් දේවල්

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී හෙට(31) පැවැත්වෙන තරග නැරඹීමට කි‍්‍රඩාංගණය තුළට පැමිණෙන ක්‍රීඩා ලෝලීන්ට භාණ්ඩ කිහිපයක් රැගෙන ඒම තහනම් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක අංශය තීරණය කර ඇත.

ඒ අනුව වීදුරු බෝතල්, නලා, තියුණු ආයුධ, මත්පැන්, ගිනි පෙට්ටි, දුම්වැටි ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් කර ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර මහතා පැවසීය.

එමෙන්ම ධජ ලෙළදීම සඳහා යොදා ගන්නා උපකරණ ද කී‍්‍රඩාංගණය තුළට රැගෙන ඒම තහනම් ය.

ඉන්දියාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැත්වෙන සිව්වන හා පස්වන එක්දින තරග සහ පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා මෙම භාණ්ඩ තහනම පැනවෙනු ඇත.

කොළඹ ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයට තරග නැරඹීමට පැමිණෙන කී‍්‍රඩා ලෝලීන් ද දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට නියමිත ය.

මේ අතර ඉන්දීයාව සහ ශී‍්‍ර ලංකාව අතර කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ ඉදිරියේ දී පැවැත්වෙන තරග සඳහා ආරක්ෂාව දැඩි කිරීමට කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබේ. ඒ රංගිරි දඹුලු කී‍්‍රඩාංගණයේ දී සහ පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ දී කී‍්‍රඩා ලෝලීන් පිරිසක් නොසන්සුකාරී ලෙස හැසිරීම හේතුවෙනි.

කොළඹ ආර්. පේ‍්‍රමාදස කී‍්‍රඩාංගණයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරින් දහසක් යොදවනු ඇත. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ ආරක්ෂක කළමනාකරු විශ‍්‍රාමික නියෝජ්‍ය පොලිස්පති කේ.එම්.එල්. සරත්චන්ද්‍ර කියා සිටියේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් සියයක් ද ආරක්ෂාවට යොදවන බවය.

එමෙන්ම පේ‍්‍රක්ෂකාගාර තුළ ද සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් යෙදවීමට පියවර ගෙන තිබේවා. ආරක්ෂිත කැමරා 100ක් පමණ කි‍්‍රයාත්මක බවයි ඔහු සදහන් කළේය.

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර සිවුවන එක්දින තරගය හෙට සහ පස්වන එක්දින තරගය ලබන සැප්තැම්බර් මස 03 වැනිදා කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය. දෙරට අතර පන්දුවාර විස්ස තරගය ලබන සැප්තැම්බර් මස 06 වනදා පැවැත්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − eleven =