වංචනිකව විභාගය උසස් පෙළ ලියූ සැකකරුට විභාග ශාලාවේදීම මාංචු

(කොළඹ, ලංකාපුවත්) – උහන ප්‍රදේශයේ පිහිටි පාසලක මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අන්අයෙකු ලෙස පෙනී සිටිමින් වංචනිකව විභාගයට පිළිතුරු ලියූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ශාලා අංක 03හි පැවති ගණකාධිකරණ 2 වැනි ප්‍රශ්න පත්‍රය සඳහා පුද්ගලයෙකු වංචනිව පෙනී සිටින බවට විද්‍යාලීය විභාග ශාලාධිපති විසින් උහන පොලිස් ස්ථානයට ඊයේ(29) කරනු ලැබූ පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයේ දී පාසල වෙත පැමිණ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරු 32 හැවිරිදි තේක්කවත්ත, මහඔය ලිපිනයේ පදිංචිකරුවෙකි.

අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඔහුව අද(30) ඉදිරිපත් කිරීමට නියමිතය.

උහන පොලීසිය මගින් මේ පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *