සුළි කුණාටුවේ හානිය බැලීමට ජනපති ට්‍රම්ප් ටෙක්සාස් ප්‍රාන්තයට

(කොළඹ, ලංකාපුවත්) – ‘හාවි’ සුළි කුණාටුව සමග හටගත් ගංවතුර ව්‍යසනයෙන් සිදුවූ හානි නිරීක්ෂණය කිරීම සදහා අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ටෙක්සාස් ප්‍රාන්තයේ සංචාරයක නිරතවිය.

ඊයේ දිනයේ ට්‍රම්ප්, සිය ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් සමග සුළි කුණාටුව ඇතුළු වූ කෝපස් ක්‍රිස්ටි ප්‍රදේශය නිරීක්ෂණයට පැමිණි බව සඳහන් ය.

ගංවතුර හේතුවෙන් දහස් ගණනක් ජනතාවට තම නිවාසවලින් ඉවත්වීමට සිදුවිය. හූස්ටන් ප්‍රාන්තයේ වේලි දෙකක්ද පිටාරදමා තිබේ.

මෙම ව්‍යසනයට ගොදුරුවූ පුද්ගලයින් පහළොස් දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සුළි කුණාටුවට ප්‍රතිචාර දැක්වීම සම්බන්ධයෙන් සහන සේවා අංශවල සහාය අවශ්‍ය බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

එමෙන්ම ඉතිහාසයේ සිදුවූ කිසිදු ස්වභාවික ව්‍යසනයකින් මෙතරම් දරුණු හානියක් සිදුනොවූ බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.

වසර 50කට පසුව කෝපස් ක්‍රිස්ටි ප්‍රදේශයට කඩාවැදුණු දරුණුතම සුළි කුණාටුව හාවි බව පැවසේ. එය පැයට කිලෝමීටර් 354ක වේගයෙන් හමාගිය බව අමෙරිකා කාලගුණ අංශ සඳහන් කර ඇත.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + 7 =