ආර්ථික අපහසුතා හේතුවෙන් පාසල් යාමට නොහැකි දරුවන්ට විශේෂ වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) – පාසල් යා යුතු වයසේ පසුවන ආර්ථික අපහසුකම් හේතුවෙන් පාසල් යාමේ දුෂ්කරතා සහිත දරුවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කර එළඹෙන අයවැය යෝජනා සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (30) උදෑසන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ය.

ජාත්‍යන්තර සාක්ෂරතා දිනය යෙදෙන සැප්තැම්බර් 08 නිමිති කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ එහි දී මාධ්‍ය දැනුවත් කෙරුණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *