උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම ලොවට කළ අවමානයක් – ඩොනල් ට්‍රම්ප්

(කොළඹ, ලංකාපුවත්) – උතුරු කොරියාවේ නවතම මිසයිල අත්හදා බැලීම කලාපීය රටවලට මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට කළ අවමානයක් ලෙස සලකන බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර සිටියි.

ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, උතුරු කොරියාව හුදෙකලා කිරීම සඳහා ගත යුතු සියලු විකල්පයන් තමන් සතු වන බව ය.

උතුරු කොරියාව එල්ල කළ නවතම බැලැස්ටික් මිසයිලය ජපානයේ හොකයිදෝ දූපතට ඉහළින් ගොස් එරට මුහුදට පතිත වී තිබුණි.

මිසයිල අත්හදා බැලීම සම්බන්ධයෙන් උතුරු කොරියාව ප්‍රකාශ කළේ, අමෙරිකා සහ දකුණු කොරියානු ඒකාබද්ධ හමුදා අභ්‍යාසය තමන් ඒ සඳහා පෙළඹවූ බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *